ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් ධූරයට පත්ව ආ ගාමිණි සෙනරත් මහතා විසින් එම කාර්යාලයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකරමින් පවතින බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර එහි වැඩි දුරටත් සඳහන් වූයේ ජනාධිපති අරමුදල, මහජන සම්බන්ධතා ඒකකය ඇතුළු ජනතාවට සෘජුව සේවා සපයන ඒකකයන්හි තනතුරු සඳහා නව නිලධාරීන් පිරිසක් පත්කර ඇති බවයි.
එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීම සමග කරනු ලබන මෙම පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකථනයන් දීමට ඇතැම් සමාජ මාධ්‍යන් උත්සහ ගන්නා බව දක්නට ලැබෙන අතර ඒවා සාවද්‍ය බව ද සඳහන් කළ යතු බව එම නිවේදනයේ දක්වා ඇත.