අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 28 දොඩංගොඩ ප්රදේශයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් එක් අයෙකු තුවාල ලැබූ බවට අධිවේගී රථවාහන පොලීසිය පවසයි.
එම අනතුරින් අධිවේගී මාර්ගයේ මාතර දෙසට මං තීරුව මුළුමනින්ම වැසී ගොස් ඇති අතර වම් පස ආරක්ෂිත වැටක් නොමැති ස්ථානයක් වූ බැවින් වාහන ගමනාගමනය මාර්ගයට පිටතින් සිදුකිරීමට පොලීසියට සිදුවුණි.
අල, ලූනු තොගයක් පටවා ගත් ලොරියක් කොළඹ සිට පිටිගල දක්වා යාමේදී රථයේ පිටුපස රෝද දෙකම පිපිරි යාම හේතුවෙන් මාර්ගයේ හරස් අතට ලොරිය පෙරළී එහි කොටසක් මාර්ගය මැද ආරක්ෂිත යකඩ වැටෙහි ගැටී අනතුර සිදුව තිබේ.
මේ හේතුවෙන් එම ප්රදේශයේ වාහන ගමනාගමනය වේග සීමාව අඩු මට්ටමක රඳවාගෙන ධාවනය කිරීමට රියදුරන්ට සිදුවුණි.
ගැලනිගම අධිවේගී රථවාහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.