ශ්‍රිපාද වන්දනාවේ පැමිනි කාන්තාවක් දිය නැමට යාමේදි ඇද වැටිමෙන් මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පන්නිමුල්ල පනාගොඩ නෙළුව ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි වන්දනා පිරිසක් නල්ලතන්නිය සීත ගගුල ප්‍රදේශයේ දිය නැමට යාමේදි පය ලිස්සා ඇද වැටිමෙන් 07වන දින අළුයම් කාලයේ මෙම කාන්තාව මිය ගොස් ඇති බවත්ය.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 58ක් වයැසැති බී. එල් මාලනි යන අය බවත් මෙසේ මිය ගිය කාන්තාවගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරික්ෂන පැවැත්විම සදහා මල සිරුර මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ගෙන ගොස් ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.