යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන වන්දනාකරුවන් රැගත් රථ වාහන පරික්ෂා කිරිමට වටවල පොලිසියේ හා පොලිස් වීශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත.
මෙසේ රථ වාහන පරික්ෂාවට ලක්කිරිමේදි කංසා වැනි මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් තිදෙනකු 06වන දින වටවල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ පොලිස්පති තුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන වන්දනාකරුවන් අත් අඩංගුවට ගැනිම සදහා පොලිස් වීශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද සමග දියගල ප්‍රදේශයේදි කරන ලද රථ වාහන පරික්ෂාවකදි මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තිදෙනකු අත් අඩංගුවට ගත් බවත්ය.
ගාල්ල හා ඇල්පිටිය යන ප්‍රදේශවල සිට මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි තිදෙනකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවත් එම පුද්ගලයන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)