තිනියාවල නෙළුව පැලවත්ත මාර්ගයේ 09 කණුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ ලොරි රථයක් පැලවත්ත දෙස සිට නෙළුව දෙසට ගමන් කර ඇති බවත් 9 කණුව ප්‍රදේශයේ දී ලොරි රථයේ රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව අසල පිහිටි ගරාජයක් සහිත නිවසකට කඩා වැදී ඇති බවයි.
එහිදී එම නිවසේ ඉදිරිපස පුටුවක මෙම දරුවා වාඩි වී සිට ඇති අතර දරුවාද යට කරමින් ලොරි රථය නිවසට කඩා වැදී තිබේ.
බරපතළ තුවාල ලැබු දරුවා මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ලොරි රථයේ රියදුරු සහ සහායක ද තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 09 කණුව, සිංහරාජ උද්‍යානය යට්ටපාත ප්‍රදේශයේ පදිංචිව පළමුවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 06 හැවිරිදි අදිත්‍ය පුන්සර නම් දරුවෙකි.
මෙම අනතුර සම්බන්ධයෙන් තිනියාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.