සබරගමු ආණ්ඩුකාර නලින්ට දෙව් දත් පරපුරෙන් දෝස් මුරයක්.
පසුගිය පොහොය දිනයේ ශ්‍රී පාද වන්දනාව ආරම්භ කල අතර සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ආරම්භ කලේ පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරස්ථානයෙනි. පොහොය දිනයට පෙර දින එම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයට සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා අසනීප තත්වයක් හෝ වෙනත් හේතුවක් මත සහබාගි වී නැත. නමුත් ඔහුගේ නියෝජිතයන් කණ්ඩායමක් එම විහාරස්ථානයට ගොස් තිබුනේ ශ්‍රී පාදස්ථාන පෙරහැරට සුභ පතමින් යම් පොතක්ද සකසාගෙනය.
එම පොත පිළිගැන්වීමට ගිය ආණ්ඩුකාරවරයාගේ නියෝජිත පිරිසට ධම්මදින්න නමැති චිවරදාරියෙකු අශෝබන ලෙස බැන වැදී තිබේ. එහිදී “ තමුසෙලාගේ ආණ්ඩුකාරය කරන දේවල් අපි දන්නවා, තමුසෙලාගේ ඔය කෙහෙල්මල් තියාගන්නවා. මට ඕනි නෑ ඕවා. ධම්මදින්න බලන්න නෙවෙයි එන්නේ. සමන් දෙවියෝ බලන්න එන්නේ. සිරිත් විරිත් දන්නේ නැති එවුන්” ආදී ලෙස ඉතාම පහත් ලෙස නීච ලෙස බැන වැදී තිබේ. නමුත් සැබෑ භික්ෂුන් වහන්සේලා එසේ නොවන අතර බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ මාර්ගය වන්නේ උතුම් බුදු රජාණන් වහන්සේ දෙසු දහම් මගයි. මෙවැනි ව්‍යාපාරිකයන් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා නොවේ.
ශ්‍රී පාදස්ථානයේ ඝාන්ඨාරය හොරකම් කිරීම, දන්ත ධාතුන් වහන්සේ නමක් ජපානයට විකිණීම ආදී බෞද්ධාගම විනාශකරන, බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සිදුනොකරන, ජඩ වැඩ රාශියක් ධම්මදින්නලා කර තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරුන්ට ද ඒවාට එරෙහිව කතා කිරීමට, ඒවා නැවැත්වීමට අවශ්‍යතාවයක් නොවුනේ ඔවුන්ගේ දේශපාලනය දුවන්නේ සිවුරු මතින් බැවිනි. එය බෞද්ධ මග හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 (1) වගන්තියේ කියවෙන සත්‍ය බෞද්ධ දර්මය හෝ නොවේ.
එසේම ශ්‍රී පාදස්ථානයේ භාරකාර තනතුර ලබා ගැනීමට තිබු නිලවරණයේදී, බෙන්ගමුවේ ධම්මදින්න නමැති අබෞද්ධ භික්ෂුව තමන් සමග තරඟයට පැමිණි ප්රතිපක්ෂ භික්ෂුවට එරෙහිව කළ කි දේවල්, මර්වින් සිල්වා ඇතුළු මැරයන් හාමුදුරුවන් වහන්සේලාට තර්ජනය කල ආකාරය, ප්රතිපක්ෂ භික්ෂුවගේ රියදුරාට පහරදුන් ආකාරය පිළිබඳව ඇසින් දුටු සාක්ෂි සිය ගණනාවක්ම තිබේ. එදා අද මෙන් තාක්ෂනය දියුණුව නොතිබූ බැවින්, ඇසින් දුටු සාක්ෂිවලට පමණක් සීමා වී තිබේ. ඒවා ප්රබලතම සාක්ෂි වේ.
එවන් පසුබිමක් තුල, සිවුරු දරා, බුදු සසුන වනසන චන්ඩියෙක් සිටින හොර ගුහාවක් තුලට ආණ්ඩුකාරවරයෙක්ට පමණක් නොව වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට වුවත් යාමට සිදුවන්නේ රෙද්දක්, සරමක් ඇදගෙන නොවේ. යන්නේ නම් යා යුත්තේ උපන් ඇදුමෙනි.
කෙසේ නමුත් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාගේ බොහෝ ක්‍රියාකාරකම්, මෙන්ම තීරණ පිළිබඳවද ගැටළු තිබේ. ආණ්ඩුකාරවරු දේශපාලනය නොකළ යුතුය. නමුත් කාලාන්තරයක් තිස්සේ රටේ නායකයෝ ආණ්ඩුකාරවරුන් ලෙස පත්කරගත්තේ පරාජිත දේශපාලඥයන වේ. එයට එරෙහිව නලින්ට දොස් තැබීම සාධාරණ නොවේ. නමුත් අප වාර්තා කල මහජන ගැටළු ගණනාවකටම එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නලීන දිසානායක අසමත්ව තිබේ. දේශපාලනය සහ ආණ්ඩුකාර තනතුරේ වෙනසට අනුව තම කටයුතු කල යුතුය. නමුත් ආණ්ඩුකාරවරයෙක් හෝ වෙනත් පුද්ගලයෙක් තම විහාරස්තානයට බලෙන් ගෙන්වා ගත නොහැකි අතර, එවැනි හැසිරීම් බෞද්ධ දර්ශනයේ උගන්වන්නේ නැත. එසේම මෙම චීවරධාරියාට එරෙහිව චෝදනා රාශියක් තිබුනත් කොන්දක් නැති දේශපාලඥයන් බෞද්ධාගම සහ සැබෑ භික්ෂුව යනු කවුද? යන්න හඳුනාගෙන නොමැති නිසාත්, රටට මෙසේ දැඩි විපතක් සිදුව තිබේ.
සිවුරු මතින් දේශාපාලනය කිරීම මෙන්ම, සිවුරු මතින් ව්‍යාපාර කිරීම සහ විවිධ වංචා, දුෂණ සිදුකිරීම්වලට තිත තැබීම් සොබාදහම මගින්ම සිදුවෙමින් පවතින්නේ තාක්ෂණයේ දියුණුවට පිං සිදුවන්නටය.