පොළොන්නරුව – මඩකලපුව මාර්ගය ජලයෙන් යටවීමේ අවධානමක් ඇතිව තිබෙන බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට ගල්ලෑල්ල පාළම අසලින් අඩියක පමණ ජල මට්ටමක් පොළොන්නරුව – මඩකලපුව මාර්ගය හරහා පවතින බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන ගල්ලෑල්ල ප්‍රදේශයෙන් මාර්ගය නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට පියවර ගත් බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
පවතින වර්ෂාව හේතුවෙන් මේ වන විට මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.