ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පැවැත එන්නේ සිංහල මාතාවන්ගෙනි. ඔවුන්ගේ මුල්ම මව සිංහලය. කපාරම්පරික සිංහල, මුස්ලිම් එකතුව පරයා යමින් විවිධ කල්ලි සහිත ඉස්ලාම් භක්තිකයන් නිසා පාරම්පරික සිංහල සහිත දේශීය සංස්කෘතියට හුරු වු ඉස්ලාම් ජනතාවද දැඩි අපහසුතාවලට ලක් ව සිටී. පාරම්පරික මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරයක් තම ආගම ලෙස තෝරාගෙන තිබෙන්නේ බෞද්ධ ධර්මයයි. එය මීට සියවස් කිහිපයකට පෙර සිට ආරම්භව තිබේ.
එවන් සංහිදියා පසුබිමක් තුල සිටින අප රටේ මුස්ලිම් දරුවන්ද බෞද්ධ භික්ෂූන් බවට පත්ව සිටී. එසේම බොහෝ මුස්ලිම් බැතිමතුන් බෞද්ධ දර්ශනයට අනුවම දන් දී පිං රැස් කරති. එවන් පුද්ගලයෙක් වන කල්පිටියේ පදිංචි කලීල් මෙහොමද නිෂ්වාන් යන මුස්ලිම් ජාතික බෞද්ධ බැතිමතා කල්පිටිය අන්තර් සමුද්‍ර මුලික පිරිවෙනට වටිනා ඉඩමක් පරිත්‍යාග කර තිබේ.
එහි විහාරාධිපති, අස්ගිරි පාර්ශ්වයේ වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක , පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි තම මුහුණු පොතේ ඒ පිළිබදව තබා ඇති සටහනක් පහත දැක්වේ
මේ සටහන සමාජයේ අළුත් කතිකාවතක් ගොඩ නැගීමට තරම් වටිනා කතාවක්..
"පසුගිය වසරේ දවසක ගොම්මනේ ත්රීවීලරයකින් මැදිවියේ පිරිම් තිදෙනෙක් කල්පිටිය අපේ පන්සලට ආවා පස්වරු හතේ කණිසම පසුවී තිබුනා. පන්සලේ බල්ලන්ගේ බුරන සද්දයට මම සංඝාවාසයේ ප්‍රධාන දොරෙන් ගේට්ටුව දෙස බැළුවා කළුවරට මැදිවියේ පිරිමි තිදෙනා මා දැක්කා ඔවුන් පන්සල් ගේ අසළට ආවා.. සාදු මහත්තයා ඔයා පොඩ්ඩක් හම්බ වෙන්න පුලුවන්ද ..කියා ඇසුවා. කල්පිටියේ අපිට සාදු මහත්තයා ..කියා බොහෝ මුස්ලිම් උදවිය කතා කරනා නිසා ඔවුන් මුස්ලිම් පිරිමි තිදෙනෙක් බව මම හඳුනා ගත්තා..
එන්න වාඩිවෙන්න මම ඔවුන්ට සංඝාවාසයේ ගිහි අයට වෙන්කොට තිබෙන ආසනයේ වාඩිවෙන්න කිව්වා. ඔවුන් නොරොච්චෝලේ පදිංචි අය බව මට කීවා .. ඔවුන්ට අයිති ගොඩල්ලක් හා ඉඩම මට දෙන්නට අවශ්‍ය බව ඔවුන් කීවා. මුස්ලිම් අය ඔවුන්ගේ ඉඩමක් පන්සලට පූජා කරන්න ? මම මවිතයට පත් උනා..
මගේ ළඟ මුස්ලිම් ජාතික දරුවන් කීපදෙනෙකු පැවිදි වී සිටිනා නිසා හා ඒ ඇසා ඇති විස්තර අනුව මට පුදුම හිතුනා .. සාදු මහත්තයා හෙට එන්න ඒක බලන්න හෙටම ඔප්පුව ලියමු.. මම සිනා මුසුව හා කියා නිහඬ උනා.
පසුවදා පෙරවරු 10 වෙද්දි ඔවුන් මට කෝල් කරා නොදන්නා නොම්මරයක් ඒ ඊයේ පන්සලට ආපු නිස්වාන් ..අද මට බෑ අනිද්දා එන්නම්. ඇමතුම විසන්ධි කළ මා පිරිවෙනේ ගුරුවරයෙකු කැඳවා මේ ගැන කිව්වා ඔහුටත් පුදුමයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරීන් කීපදෙනෙකුට පොලිසියේ හිතවත් උසස් නිලධාරීන් කීපදෙනෙකුට මේ ගැන කියා උපදෙස් ගත්තා. නීතිඥ මහතෙකු මගින් විස්තර විමසා බැළුවා. සියල්ල නිවැරදියි. තවමත් විශ්වාස කරන්න අමාරුයි. ඒ ආසන්නයේ පන්සලේ පැවති දායක සභා රැස්වීමේදී දායයින්ටත් කිව්වා..
ඔන්න ඉඩම බැලුවා නීතිඥ නෝනලඟට ගියා ඔප්පු ලිව්වා. පූජාව කළ නිස්වාන් මහතා ප්‍රසිද්ධියට කැමති නෑ.. මේක රටට විතරක් නොවෙයි මුළු ලෝකයටම ලොකු ආදර්ශයක් ඒ නිසා අද මේ සටහන මට ෆේස්බුක් එකට ලියන්නට හිතුනා.මෙහෙම හිතන ක්‍රියාකරන මුස්ලිම් මිනිස්සුත් ලංකාවේ ඉන්නවා."