මඩකළපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර ඇති බව වාර්තා වේ.
අධික වැසි සමග දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මේ හේතුවෙන් මඩකළපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්රී තැපැල් දුම්රිය ද අවලංගු කර ඇති බවයි.