යුක්රේනයට එරෙහිව රුසියාව විසින් යුරෝපයේ විශාලතම යුද්ධය ආරම්භ කෙරෙන බව යුක්රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්ස්කි ප්රකාශ කර ඇත.
යුක්රේන ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ ඊට එරෙහිව පියවර ගන්නා ලෙස රුසියානුවන්ගෙන් ඉල්ලීමක් ද කරන බවයි.
එමෙන්ම ඊයේ (23) රාත්රියේ දී රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට තමන් උත්සහ කළ ද එය ද අසාර්ථක වූ බව යුක්රේන ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත.
මේ වන විටත් රුසියානු බට පිරිස් ලක්ෂ 02ක් පමණ යුක්රේන දේශ සීමාවට පැමිණ ඇති බව ද වාර්තා වේ.