රටේ මිනිසුනගෙන අති බහුතරයක් කුසගින්නේය. බිහි මිනිසුන්ට ඉලක්කයක නැතිව ගොසිනි. ඉලක්කයක් නැති නිසාම රට හැර යාමටද බොහෝ දෙනක් කටයුතු කරමින් සිටින අතර, එසේ ගිහින් අමාරුවේ වැටෙන පිරිස්ද වැඩිය. එවන් රටක සිටින අපගේ මෙන්ම රජය් රැකියා කරන සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ටද සිදුව තිබෙන්නේ මාසය ගෙවා ගැනීමට ආහාරයට ගන්නා වෙල් ගාන අඩු කිරීමටය. බොහෝ රාජ්‍ය සේවකයන් දිවා අහාරය රැගෙන එන්නේ නැත. සෞඛ්‍ය පිරිහී, අධ්‍යාපනය කඩා වැඩි, මාර්ග පද්ධතිය පවා විනාශ වෙමින් පවතී. මිනිසුන් ගේ දුක් හදුනාගෙන ඒවාට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට, විවිධ අණපනත් ඉදිරිපත් කරමින් රටේ ජනතාව සාම අතකින්ම බැඳ තැබීමට රජය කටයුතු කරමින් සිටි.
එවැනි රටක රජය පුවත් දෙපර්තෙම්න්තුවේදී පැවතී ප්‍රවෘත්ති සාකච්චාවට එක් වූ දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් සමන් ශාන්ත මහතා ප්‍රකාශ කලේ පසුගිය වසරේ රජය විසින් මුදල් අච්චු ගැසීම මෙන්ම ණය ගැනීම සීමා කල ද රජයේ වියදම් දැරීමට හැකි වූයේ බදු නිසා බවයි.
එහිදී ඒ මහතා කියා සිටියේ 2023 වසරේ රුපියල් බිලියන 1550ක් බදු ලෙස එකතු කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකි වූ බවත් එය දෙපාර්තමෙන්තුව ඉතිහාසයේ එකතු කල වැඩිම බදු ආදායම බවත් ය.
ඒ අනුව අපට දැනෙන ඉතිහාසයේ මිනිසුන් ප්‍රශ්න දසකට හිරකල, කුස ගින්නේ තැබූ, මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කල වර්ෂය වන්නේ 2023 වර්ෂයයි.
දක්ෂ පාලකයන් නැති රටක, පාලකයන් දන්නේ බදු ගැසීම, අල්ලස් ගැනීම පමණි. ඔවුන් එහෙන් බදු බරින් රට හිරකරද්දී, අනෙක් පැත්තෙන් ලක්ෂ ගණනාවක රැකියා අහිමිව තිබේ. තවත් පැත්තකින් ඇගලුම් ආදී විවිධ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් රටට අහිමි වෙමින් පවතී. ඒ මිනිසුන්ගේ බඩට ගැසීමේ ප්‍රතිපලයක් ලෙස, එම ආයතනවත් ආරක්ෂා කරගැනීමට අපේ පාලකයන් දක්ෂ නොමැති බැවිනි.
දක්ෂ පාලකයන් වැඩි දියුණු කල යුත්තේ බදු නොවේ. වෙනත් උපක්‍රම භාවිතා කරමින් අනාගතයද ආරක්ෂා කිරීමය. ජනතාව කුස ගින්නේ තබා , බදු එකතුකරන විට, අනෙක් පැත්තෙන් ඔවුන් ජිවත් වූ රැකියා අහිමි වීම නැවත් සැකසිය නොහැක. ඒවා ආරක්ෂා කරමින්වත් බදු ගැසීමට මෙම රජයේ පාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ද අසමත්ව තිබේ.