නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
අනතුරින් තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මගී බස්රථයක් පාලමකින් ඉවතට පැන ගඟකට පෙරළී යාමෙන් එම අනතුර සිදුවී ඇති බව සදහන්.
අනතුරින් මියගිය පුද්ගලයින් අතරින් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයන් වන බව වාර්තා වෙයි.