කොළඹ සිට මහව හන්දිය දක්වා ධාවනය කරන දුම්රියට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා විශේෂ බස් රථ සේවාවක් අද සිට පවත්වාගෙන යෑමට මහව ලංගම ඩිපෝව කටයුතු කර ඇති බව වාර්තා වේ.
මහව සිට අනුරාධපුර දක්වා වූ දුම්රිය මාර්ගයේ පිළිසකර කටයුතු හේතුවෙන් මාස හයකට එම මාර්ගය වසා තැබේ.
එම නිසා උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වූ සියලු දුම්රියන් කොළඹ කොටුවේ සිට මහව හන්දිය දක්වා ධාවනය කරවීම සිදු කරයි.
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියවලට සමගාමීව අනුරාධපුරයේ සිට මහව දක්වා එම ලංගම බස් ධාවනය කටයුතු සිදු කරන බවට ඩිපෝ අධිකාරි නිමල් සේනාරත්න මහතා පැවසූ අතර දැනට ලංගම බස් රථ 13 පමණ සේවයේ යොදවා ඇති බව සදහන්.