නේපාලයේ සිදුවූ බස් රථ අනතුරකින් ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු 12 දෙනෙකු ජීවිතක්ෂයට, 23 දෙනෙකුට තුවාල ලබා තිබේ.
සිකුරාදා රාත්‍රියේ නේපාලයේ ලුම්බිණි පළාතේ නෙපල්ගුන්ජ් සිට කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථය බගුළුබන්ග් හි රැප්ති පාලමෙන් ඉවතට පැන නැගෙනහිර-බටහිර අධිවේගී මාර්ගය ඔස්සේ ගඟට වැටීමෙන් අනතුර සිදුව තිබේ.
“තුවාල වූවන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා කොහාල්පූර් හි නේපල්ගුන්ජ් වෛද්‍ය ශික්ෂණ රෝහල වෙත ගෙන යන ලදී” යැයි නියෝජ්‍ය පොලිස් පරීක්ෂක සුන්දර් තිවාරි මාධ්‍ය වෙත පැවසීය. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය සදහන් කරයි.
බස් රථ රියැදුරු ලාල් බහදූර් නේපාලි (28) පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගෙන ඇත.