පසුගිය කාලයේ වරින් වර, ජාතිවාදී සහ ආගම්වාදී ගැටුමකට අර අදිමින් තිබු උතුරේ කුරුන්දි බෞද්ධ පුදබිමේ, ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මන්ත්රීවරයා ඇතුළු කණ්ඩායමක් කෝවිලක් සැදීමට මුල්ගල් තැබීමට නියමිතව තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
වාර්තාවන ආකාරයට සියඹලාගස්වැව විමලසාර නම් භික්ෂුවකගේ උසිගැන්වීම මත මෙය සිදුවන බාවද, බොහෝ දුරට එය හෙට සිදුවීමට ඉඩ තිබෙන බවද සදහන් වේ. එයට විරෝධය පා බෞද්ධ ජනතාව එම ස්ථානයට යාමට සුදානමින් සිටින බවද අපට වාර්තා වේ.
කෙසේ නමුත් එවැනි දෙයක් සිදුවන්නේ නම්, එය සොයාබලා නවතා මහජන සාමය ආරක්ෂා නොකළහොත්, ලංකාව පුරාම ජාතිවාදී ගිනිදැල් පැතිර යා හැකිය.
(එය එසේ සිදුවන බවට ලැබුණු තොරතුරක් පමණි. එය වෙනත් ආකාරයකින් තහවුරු කරගැනීමට අප අසමත් විය. ගැටුම් වැළැක්වීම උදෙසා පලකරන ලදී)