ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිය පන්දු යැවිමේ බලඇණියට ප්‍රහාර එල්ලවන ඕනෑම අවස්ථාවක මුහුණ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් පන්දු යැවීමට සූදානමින් සිටින බව දසුන් ශානක ප්‍රකාශ කර ඇත.
තරඟයට පෙර පැවති මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දසුන් ශානක විසින් මෙම අදහස් දැක්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අද (24) රාත්‍රි 07.00 ට ලක්නව්හිදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර 20/20 පළමු තරඟය පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආබාධයන්ට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, මහීස් තීක්ෂණ අද තරඟයට සහභාගී නොවන අතර කොවිඩ් ආසාදනය වී සිටින වනිඳු හසරංගට ද ඉන්දීය සංචාරය අහිමිව ගොස් ඇත.