English
සිංහල
14:38 බදාදා, මැයි 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පුරා විද්‍යා ස්මාරක 110 ක් අනතුරේ හෙළන්න ජාතික පශු සම්පත් මණ්ඩලය සහ මහවැලිය සුදානමින්.

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වැලිකන්ද, කන්දකාඩු රක්ෂිත වනාන්තර කලාපයේ පිහිටි අලිමංකඩ ප්‍රදේශය එළිපෙහෙළි කර, ඊට යාබද ප්‍රදේශයක බලධාරීන් විසින් සකස් කර දෙනු ලබන විකල්ප අලිමංකඩ හරහා අලි ඇතුන් ගමන් කරනු ඇතැ යි අප විශ්වාස කරන්නේ කෙසේදැ යි, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න  (ජනවාරි 11 වැනිදා) විවෘත අධිකරණය හමුවේ රජයේ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළේ ය.

    පොළොන්නරුව, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කන්දකාඩු රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ අක්කර 5000ක් එළිපෙහෙළිකොට, එම ඉඩම් බඩ ඉරිඟු වගාව සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලය වෙත පවරාදීමට මහවැලි සංවර්ධනය අධිකාරිය ගෙන තිබෙන තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේ දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම ප්‍රශ්නය මතු කළේ ය.

    මෙහිදී පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ කරුණු දක්වමින් මෙසේ පැවසීය:

    “ස්වාමීනි… කන්දකාඩු රක්ෂිත වනාන්තර කලාපවලට අයත් අක්කර 5000ක් කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා මහවැලි අධිකාරිය විසින් ජාතික පශු සම්පත් මණ්ඩලය වෙත පවරාදීමට තීරණය කර තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක්. මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමට පෙර පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගත යුතු යි. එහෙත් පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීමකින් තොරවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සූදානම් වන්නේ. මේ ව්‍යාපෘතිය නිසා වටිනා ගහ කොළ විනාශ වෙනවා. ඒ වගේම අලිමංකඩක් විනාශ වී අලි ඇතුන්ටත් විශාල අගතියක් සිදුවෙනවා.”

    • ‘යුක්තිය’ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම : පොලිස් අත්අඩංගුවට ගැනීම් නිත්‍යානුකූල ද?
    • අවුරා ලංකා: ‘නීතිවිරෝධී කෝමාරිකා ව්‍යාපෘතිය සංගීත සංදර්ශන හරහා ජනගත කරන්න හදනවා’

    “මෙම හෙළිපෙහෙළි කිරීම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව එළිපෙහෙළි කිරීමට නියමිත ප්‍රදේශය පුරා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්මාරක 110ක් පමණ පවතින බවත් එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා. එමෙන්ම අදාළ කෘෂිකාර්මික ව්‍යාපෘතිය සඳහා විශාල බර වාහන භාවිත කිරීම හරහා ප්‍රදේශයේ පස් තට්ටුවලට විශාල හානියක් සිදුවිය හැකි බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.”

    මෙසේ ප්‍රකාශ කළ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ, පාරිසරික නීති රීති උල්ලංඝනය කිරමින් ක්‍රියාත්මක කිරීමට යන මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

    එම ඉල්ලීමට අදාල පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජාතික පශු සම්පත් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ. ජී. ජිනසේන විරෝධය පළ කර සිටියා ය.

    “ස්වාමීනි… මේක අසාධාරණ ඉල්ලීමක්. අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව තමා මෙම කෘෂිකාර්මික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ. මෙරට බඩ ඉරිඟු ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 635ක විදේශ විනිමයක් විදේශවලට ඇදී යනවා. එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා යි මෙවැනි කෘෂිකාර්මික ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙන්නේ. පරිසර සංවිධාන කිසිදු සාධාරණ පදනමක් නොමැතිව එවැනි ව්‍යාපෘතිවලට එරෙහිව නඩු පැවරීම නිසා ඒවා අඩාල වීම සිද්ධ වෙනවා. ඉන් රටේ ආර්ථිකයටත් විශාල හානියක් සිදුවෙනවා.”

    “හෙළිපෙහෙළි කිරීමට යෝජිත මෙම ප්‍රදේශය යුද්ධයට පෙර ගොවිපොළක් වශයෙන් පැවැති ප්‍රදේශයක්. යුද්ධය පැවති සමයේ අතහැර දමා තිබීම නිසා අද වනාන්තර ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. නමුත් මෙම කලාපය රක්ෂිත වනාන්තරයක් වශයෙන් රජය විසින් ගැසට් කර නැහැ. මේ ව්‍යාපෘතිය හරහා අලින්ගේ ගමනාගමනයට ඉතා වැදගත් වන අලිමංකඩක් විනාශවන බව පෙත්සම්කරු පවසනවා. එහෙත් එම අලිමංකඩ වෙනුවට විකල්ප අලිමංකඩක් නිර්මාණය කිරීමට වගඋත්තරකරුවන් පියවර ගන්නවා,” නීතිඥවරයා සඳහන් කළේ ය.

    එම අවස්ථාවේ දී ප්‍රශ්නයක් මතු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, “අලි ඇතුන්ගේ ගමනාගමන කටයුතු සඳහා විකල්ප අලිමංකඩක් රජය විසින් නිර්මාණය කරන බව ඔබ සඳහන් කළා. මෙසේ නිර්මාණය කරන විකල්ප අලිමංකඩ හරහා අලි ඇතුන් ගමන් කරයි කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද?” යනුවෙන් ජාතික පශු සම්පත් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියගෙන් ප්‍රශ්න කළේ ය.

    එහෙත් එම නීතිඥවරිය ඊට පිළිතුරක් ලබා දුන්නේ නැත.

    මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් රජයේ නීතිඥවරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, මෙම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබෙන ඡායාරූප පිරික්සීමේ දී අදාළ ප්‍රදේශයේ මේ වන විටත් ගස් කපා හෙළිපෙහෙළි කිරීම් සිදුකර තිබෙන ආකාරයක් පෙනී යන්නේයැ යි සඳහන් කර සිටියේ ය.

    පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීමකින් තොරව අදාළ ප්‍රදේශයේ හෙළිපෙහෙළි කිරීම් සිදු කළේ කෙසේදැ යි ප්‍රශ්න කළ විනිසුරුවරයා, එවැනි නීති විරෝධී ක්‍රියාවන් සිදුකළ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන තිබේදැ යි විමසා සිටියේ ය.

    ඊට ද රජයේ නීතිඥවරිය විසින් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැත.

    එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, රක්ෂිත වනාන්තර ප්‍රදේශ සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීමට අවශ්‍ය අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බව සඳහන් කර සිටියේ ය.

    මෙහිදී ම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියද කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික ආර්ථිකය ආරක්ෂා කරනවා සේම පරිසර නීති ද ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්ව වග බලාගත යුතු බව යි.

    කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන්ම තමන්ට වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවත්, ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළා ය.

    ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගය කිරීම සඳහා අවසර දෙන්නේ ද, නැද්ද යන තීන්දුව පෙබරවාරි මස 12 වනදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළේ ය. (BBC)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      Go to mobile version