සියයට දහඅටක් (18%) ලෙස වැට් බද්ද වැඩි වුවද ග්‍රොසරි භාණ්ඩ විශාල ප්‍රමාණයක් මිල වැඩි නොකර අලෙවි කිරීමට සතොස ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නව වැට් බද්ද හේතුවෙන් වෙළෙඳපොළේ ග්‍රොසරි භාණ්ඩවල මිල විශාල ලෙස වැඩිවී තිබියදී සතොස පාරිභෝගිකයන්ට අඩු මිලට එම භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙන බවට සතොස ආයතනය සඳහන් කර තිබේ.
තවද කුඩා දරුවන්ට අවශ්‍ය සබන්, කොලෝන්, පවුඩර් හා බිස්කට් වර්ග මෙන්ම ග්‍රොසරි භාණ්ඩ රැසක් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩුවෙන් ලබාගැනීමට හැකි බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබේ.