ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ සතිඅන්තයේ රාත්රී කාලයේදී විදුලිය කප්පාදවක් සිදුනොවන බවයි.
නමුත් හෙට (26) දිනයේ A,B හා C යන කාණ්ඩවල පැය 03ක විදුලි කප්පාදුවක් ද අනෙකුත් කලාපවල පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් ද සිදුවන බව එම කොමිසම ප්රකාශ කරයි.
ඉරිදා දිනවල දී A,B හා C කලාපවල දහවල් කාලය තුළදී පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව ද සඳහන් වේ.
කෙසේ නමුත් අනෙක් කලාපවල විදුලිය විසන්ධි කිරීමක් සිදුනොකරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ප්රකාශ කරන ලදී.