විදේශගත වන පූර්ණ එන්නත්කරණයට ලක් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නව තීරණයක් ගෙන ඇත.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත මාර්තු මස 01 වනදායින් පසු පිටව යන ශ්‍රී ලාංකිකයින් සඳහා එසේ පිටව යාමේදී ලබාගත යුතු PCR පරීක්ෂණ වාර්තාව අවශ්‍ය නොවන බවට තීරණය කර ඇත.
මේ පිළිබඳව දැනුම්දෙන ලද්දේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා විසිනි.