ඔන්ලයින් ණය දෙන බව පවසා දෙහිවල පවත්වාගෙන ගිය චීන ජාතිකයන් මෙහෙයවූ මූල්‍ය මධ්‍යස්ථානයේ ගනුදෙනු සම්බන්ධව කිසිදු ලියවිල්ලක් පවත්වාගෙන ගොස් නොමැති බවට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශනවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ.
මෙම ආයතනයේ ගණකාධිකාරීවරයකුගේ ගිණුම් අංශයක් තිබී නොමැති බවත්, මූල්‍ය ගනුදෙනු සියල්ල පරිගණක ආශ්‍රිතව සිදුකර වැටලීමත් සමග ස්වයංක්‍රීයව මකා දමා ඇතැයි සැකකරන බවත් විමර්ශන කණ්ඩායම් පවසා තිබේ.
චීනයේ දත්ත ගබඩාවකට සියලු තොරතුරු යවන බව විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙළිකර තිබේ.
ණය මුදල් ගන්නා පුද්ගලයන් ගනුදෙනුව දුරකථනය මගින් අරඹද්දීම රහසිගත ප්‍රවේශයක් මගින් දුරකථනවල ඇති දත්ත සොරකම් කර ඒවාද චීන දත්ත ගබඩාවට යවන බවද හෙළිවිය.
දැනට අත්අඩංගුවට ගෙන ඇති පරිගණක හා ලැප්ටොප්වල ඇති දත්ත යළි ලබාගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තීරණය කර ඇති බව සදහන්..