අවලෝකිතේශ්වර නමින් පෙනී සිටිමින් බෞද්ධ දර්ශනයට අපහාස වන ලෙස කටයුතු කළැයි චෝදනා එල්ල වී ඇති මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළැඹෙන අඟහරුවාදා මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට නියමිත බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු ඒ අනුව බන්ධනාගාර රෝහලේ මානසික රෝගී වාට්ටුව වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
අවලෝකිතේශ්වර නමින් පෙනී සිටිමින් බෞද්ධ දර්ශනයට අපහාස වන ලෙස කටයුතු කළැයි චෝදනා ලත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගියදා නියෝග කළේය.
ඒ සිද්ධියේ නීති කෘත්‍යය පසුගිය 16 වැනි දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු මේ වනවිට බන්ධනාගාර රෝහලේ මානසික රෝගී වාට්ටුවේ රඳවා ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එළැඹෙන අඟහරුවාදා බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේදීම සැකකරු මානසික සෞඛ්‍ය විද්‍යායනයේ වෛද්‍යවරු හමුවට යොමු කිරීමට නියමිත බවයි.