දෙහිවල ගල්කිස්ස සෝල්ඩ් බීච් හෝටලය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් පසුගියදා මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඊයේ ඒ සම්බන්ධයෙන් එම කොමිසම පැමිණිලි පාර්ශ්වය සහ වගඋත්තර පාර්ශවය කැඳවා තිබුණි.
ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥවරිය ප්‍රකාශ කර තිබුණේ තම සේවා දායකයින් කිසිදු අයුරකින් දැනුවත් නොකොට මෙම හෝටලය අත්තනෝමතික ලෙස කඩා දැමීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි. විශේෂයෙන්ම දේශපාලන වුවමනාවන් මත මෙය සිදුකර ඇති බවත් කොමිසම ප්‍රශ්න කරන විට වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිරුත්තර වූ බවත් මෙහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි
කොමිසම අද මූලික වශයෙන් සොයා බැලුවේ වගඋත්තරකාර පාර්ශවය මෙය එකවරම කඩා දැමීම සම්බන්ධවයි. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 14 / 15 සහ 27 යන වගන්තිය යටතේ පුරවැසියෙකුට තියෙන අයිතිවාසිකම් යටතේ තමා මෙම පැමිණිල්ල සිදුකර තියෙන්නේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී ප්‍රකාශ කර සිටියේ මීට පෙර මෙම ස්ථානය පවත්වාගෙන ගිය (2021 වසරේදී) පුද්ගලයන්ට නියෝග නිකුත් කර තිබූ බවත් ඒ අනුව මේ ක්‍රියාත්මක කළ බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බවයි.
නමුත් පැමිණිලිකාර පාර්ශවය මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ 2021 කළ නියෝගයක් 2024 ජනවාරි පළවෙනිදා ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නයි. කොමිසමද වග උත්තරකාර පාර්ශවයෙන් විමසා ඇත්තේ 2021 වර්ෂයේ නියෝගයක් ඇයි මෙතරම් කාලයක් ගොස් මේ ආකාරයට ක්‍රියාත්මක කළේ යන්නයි. එවිට වගඋත්තරකාර පාර්ශවය නිසි පිළිතුරක් නොදුන් බවත් විවිධ දේශපාලන බලපෑම් මත එය සිදුකිරීමට නොහැකි වූ බව වෙරළ සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළ බවයි.