ලංකාවේ බොහෝ ප්‍රදේශවල පාරිසරික විනාශයන්ට හේතුව වන්නේ භූ විද්‍යා පතල් හා කැනීම් කාර්යාංශය තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීමයි. කෙසේ නමුත් එම කාර්්‍යාංශයේ නව සභාපතිවන ආචාර්ය සංජේ පෙරේරා මහතා යටතේ එම ආයතනයේ සක්‍රීය වීමක් දක්නට ලැබේ.
පසුගිය සති කිහිපය තුල පාරිසරික හානී සිදුකරමින් සිදුකරගෙන ගිය විවිධ ස්ථාන රාශියක් තහනම් කිරීමට මෙන්ම නඩු පැවරීමටද කටයුතු කර තිබේ.
ඒ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මුක්කම ග්‍රාම නිලධාරි වසමට අයත් මා ඔය ගඟ රක්ශිතය ආසන්නයේදී සිදුකරනු ලැබූ වැටලීමකදී අනවසර වැලි කැනීම් කරන ස්ථානයක් වටලා තිබේ.
එහිදී වැලි පටවා ප්‍රවාහනය කරමින් සිටියදී ටිපර් රථයක් හා එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.
වැලි ජාවාරම් කාරයන්ගේ පාරදීසයක් බවට පත්ව ඇති මෙම ප්‍රදේශයේ අනවසර වැලි තොටුපොළවල් 30 කටත් වඩා පවතින බවත් බෝට්ටු 50 කට අධික ප්‍රමානයක් මේ සදහා යොදාගන්නා බවත් නිරීක්ෂණය වී තිබේ. ගං ඉවුරට ද දැඩි ලෙස හානි වී ඇතිබව ඔවුන් මෙහිදී නිරීක්ෂණය කර තිබේ.
පොලීසිය මෙම අනවසර ක්‍රියාවන් නැවැතිවීමට ලබාදෙන දායකත්වය අවම මට්ටමක පවතින බවද ප්‍රදේශවාසීන් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මෙලෙස හානි සිදුව තිබේ නම් ඉන් කියවෙන්නේ පොලිසියේ සේවය නිසි ලෙස ඉටුකර නැති බවයි