පස්සර නමුණුකුල කන්ද පාමුල අද (20) අලුයම සිට විශාල නාය යාමක් සක්‍රිය වී ඇති බවට බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූ බව වාර්තා වේ.
නමුණුකුල කන්ද පාමුල පස්සර ගෝනගල නැගෙනහිර වසමේ තේ පර්යේෂණ ආයතනය අසල මෙම නාය යාම සක්‍රිය වී තිබේ.
මෙම ස්ථානය මිනිස් වාසයකින් තොර ප්‍රදේශයක් බවද එබැවින් කිසිවකුට හෝ දේපළවලට හෝ හානියක් නොමැති බවද එම මධ්‍යස්ථානය පවසා තිබේ.
වැසි නොමැති වුවද මෙම නාය යාම සක්‍රිය වී භූමියේ විශාල පැලුම් ඇතිවී ඒවා පුළුල්වෙමින් පවතින බවත් මේ වන විට පස් කොටස් පහළට රූරා එන බවත් පොළොව යටින් බොර දිය පහරවල් ගලමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි පර්යේෂණ ක්‍රියාත්මක බවට බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පවසා තිබේ.