බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වන රජරට රැජිණ සීඝ්රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 11.00 ට පමණ මෝටර් රථයක් ගැටී ඇති බව වාර්තා වේ.
එම අනතුර සිදුවන අවස්ථාව වන විට එම මෝටර් රථය තුළ විදේශීය සංචාරකයන් දෙදෙනෙකු ගමන් කොට තිබේ.
අනතුරින් එහි සිටි දේශීය මඟ පෙන්වන්නා සහ එක් විදේශීය සංචාරකයෙකු ඇතුලු දෙදෙනෙකු රෝහල් ගත කොට තිබේ.
දුම්රිය සඳහා ඉදිරියට යාම සඳහා සංඥා ලබා දී තිබිය දී මෙම මෝටර් රථය අනාරක්ෂිත ලෙස ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බව සදහන්.