මේ වන විට ශ්‍රී ලංකාවම භීතියට පත්කරමින් සිටින්නේ යුක්තියේ මෙහෙයුම සහ විවිධ ස්ථාන වල සිදුවන මරා දැමීම් නිසාය. යුක්තියේ මෙහෙයුම නිසි දැක්මක් සමග සිදුකලේ නම් සහ අවංක නිලධාරින් සිදුකලේ නම් එය විශිෂ්ඨ මෙහෙයුමක් බවට පත්වන බව අප පුර්වයේම සඳහන් කර තිබේ. එවන් පසුබිමක් තුල ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනතාව ද මේ වන විට භීතියෙන් ඇළලී ගොස් ම්ලේච්ච යුගයක් කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබේ.
එවන් පසුබිමක් නිර්මාණය වීම වැළැක්වීම සඳහා බලයක් නැති බොහෝ පුරවැසියන් කටයුතු කරමින් සිටින නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් එම පනත් පිළිබදව හෝ වෙනත් භිෂණ තත්ත්වයක් පිළිබදව හෝ සක්‍රීයව පෙනී සිටින බව පැහැදිලිවම දක්නට නොමැති වුවත්, විපක්ෂයන් විසින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටි. නමුත් රාජ්‍ය බලය තිබෙන්නේ වෙනත් පාර්ශ්වයකටය.
එවන් පසුබිමක් තුල ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඊයේ (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (SCSD 18/2024) ඉදිරිපත් කර තිබේ
එම සංගමයේ සභාපති දුමින්ද සම්පත්, හිටපු සභාපති රුහුණගේ සහ භාණ්ඩාගාරික ටී. නඩරාසා යන මහත්වරුන් විසින් මෙම නඩුව ඉදිරිපත් කර තිබේ.