ඇල්ල ගල්බිංගය ප්රදේශයේ දුම්රියෙන් ගමන් කරමින් සිටි රුසියානු කාන්තාවක් අද(26) සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියෙන් ඇදවැටී බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඇල්ල පොලීසිය පැවසුවේ තුවාල ලැබූ කාන්තාව දෙමෝදර මූලික රෝහලට ඇතුළන් කළ බවයි.
මෙසේ අනතුරට පන්ව ඇත්තේ මෙරට සංචාරයකට ඇමිණ සිටින රුසියානු ජාතික ක්රිස්ටිනා අලක්වානා නමැති 25 හැවිරිදි තරුණ කාන්තාවකි.
ඇය හික්කඩුව සිට ඇල්ලට පැමිණ සිටියදී මෙම අතතුරට පත්ව ඇති බවට පොලීසිය පවසයි.
ඇයගේ විදේශ ගමන් බලපත්ර ආදිය නැවතී සිටි හෝටලයේ තබා ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.