කටුනායක අධිවේගි මාර්ගයේදි 25වන දින අළුයම සිදුවු මාරාන්තික රිය අනතුරකින් ගරු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ හදිසි අභාවයන් අසා තමන් ඉමහත් කම්පාවකට පත්වු බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.
සනත් නිශාන්ත මහතාගේ හදිසි අභාවය පිලිබදව ශෝක පනිවිඩයක් නිකුත් කරමින් වැඩි දුරටත් අදහස් දක්වන ජිවන් තොණ්ඩමන් මහතා මෙසේද පවසයි.
තම අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරයා ලෙස සනත් නිශාන්ත මහතා ඉතාමත් අවබෝදයෙන් සහා මිත්‍රත්වයෙන් ජනතාවට යහපත් සේවයක් ලබා දිමේ අරමුණ ඇතිව ස්ථිර ප්රතිපත්තියකින් යුතුව කටයුතු කල අයෙක්.
එතුමා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට පමනක් නොව මුළු රටටම ඉමහත් සේවයක් කල පුද්ගලයෙක් එසේම එතුමා කදුකර ජනතාව පිලිබදවත් නිවරදි අවබෝදයකින් කටයුතු කල ඔහු තමන්ට ඉතාමත් හිතැති මිතුරෙක්.
එතුමාගේ හදිසි වියෝව පුත්තලම දිස්ත්‍රික්කයට පමනක් නොව මුළු රටටම සිදුවු විශාල පාඩුවක් එතුමාගේ හදිසි වියෝවෙන් කම්පනයට පත්ව සිටින ඔහුගේ බිරිද දරුවන් ඇතුළු පවුලේ සැමටත් එහු සමග මිය ගිය ඔහුගේ ආරක්ෂකයාගේ පවුලේ සැමටත් තම බලවත් ශෝකය ප්‍රකාශ කරන බවද ජිවන් තොණ්ඩමන් මහතා වැඩි දුරටත් පවසයි.