දිනෙන් දින ඉහල යන බඩු මිල හමුවේ වතු කම්කරුවන් වන තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වතු කම්කරුවන් පිරිසක් පවසති.
මේ වන විට දෛනිකව බඩු මිල ඉහල යමින් පවතින බවත් එවන් තත්වයන් මත තම වැටුප් ඉහල යාමක් නොවන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයකන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුනේ වතු කම්කරුවන් වන තමන්ට දෛනිකව රුපියල් දහසක් ලබා දෙන බව පැවසුවද එයද තමන්ට බොහෝ අවස්ථාවලදි නිසි ලෙස නොලැබෙන බවත්ය.
මේ වන විට විවිධ තරාතිරම්වලට වැටුප් වැඩි විම් සිදුවන බවත් එහෙත් ලංකාවට විදෙස් විනිමය පවා සෙවිමට දායකත්වයක් දක්වන තමන්ට කිසිදු වැටුප් වැඩි විමක් සිදු නොවන බවත් මෙම තත්වයන් මත තමන් අන්ත දුගි තත්වයන්ට පත්ව ඇති බවත්ය.
තමන්ට මේ වන විට ලැබෙන වැටුප් ජිවත් විමට කිසි සේත්ම ප්‍රමානවත් නොවන බවත් මෙම තත්වයකන් මත තමන්ට තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ අවදානමක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.