හැටන් ප්රධාන බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති පොදු වැසිකිලිවල පාලන කටයුතු හැටන් දික්ඔය නගර සභාව මගින් සේවකයන් යොදවා පවත්වාගෙන යාමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. පි. බණ්ඩාර මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ පසු ගිය වසරවලදි මෙම වැසි කිලි පද්දති ටෙන්ඩර් මගින් විවිධ පුද්ගලයන්ට ලබා දිමට පියවර ගත් බවත් එම තත්වයන් මත වැඩි පුර මුදල් අයකිරිම් එම ස්ථානයේ බිමත් පුද්ගලයන් සිටිමෙන් සිදුවන විවිධ ප්රශ්න පිලිබදව විවිධ චෝදනා එල්ලවු බවත් එවන් අවස්ථාවලදි එම ස්ථානවල සේවය කරන පුද්ගලයන්ට එරෙහිව ක්ෂනික පියවර ගැනිමට නොහැකි තත්වයන් උද්ගත වන බවත්ය.
එවන් තත්වයන් මත මෙවර එම වැසිකිලි පද්දති ටෙන්ඩර් නොකර නගර සභාව මගින් සේවකයන් යොදවා කර ගෙන යාමට පියවර ගත් බවත් එහිදි වැසිකිලි බාවිතය සදහා රුපියල් 30/=ක මුදලක් අයකිරිමට තිරණය කර ඇති බවද ඔහු පවසන ලදි.
මෙසේ තිරණය කර ඇති රුපියල් 30/=වැඩි මුදලක් අය කිරිම තහනම් බවත් යම් හෙයකින් එම මුදලට වඩා අය කරන්නේ නම් ඒ පිලිබදව නගර සභාව දැනුවත් කරන ලෙසද බණ්ඩාර මහතා වැඩි දුරටත් පවසති.