සබරගමුව විශ්වවිද්‍යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පසුගිය 14 වනදා 1997 දුරකථන මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලක් මත සමනලවැව පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් සිදුකර එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම සැකකාර සිසුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා අධ්‍යාපන පීඨයේ සිසුන් පිරිසක් බවට පොලීසිය පවසයි.
ඔවුන් ඊයේ (28) සමනලවැව පොලිස් ස්ථානයට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23, 24 සහ 25 වයස්වල පසුවන මොරවක, රුක්ගහවිල, අළුත්නුවර, ඉමදුව හා කිතලව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට පොලීසිය සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.