මෙරට අවුරුදු 4 සම්පුර්ණ දරුවන්ගෙන් 30% ක් පෙර පාසල් ගතනොවන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරයා පැවසුවේ, පූර්ව ළමා සංවර්ධන අවධිය ඉතාම වැදගත් වන අතර ඒ පිළිබඳව ලෝකයේ වැඩිම අවදානයක් යොමුවන බවයි.
මෙරට පෙර පාසල් ඩිප්ලෝමාධාරින් සිටින්නේ 6000 ක් පමණ බවද අමාත්‍යවරයා පවසා තිබේ.