දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන පෙබරවාරි 28 හෝ ඊට පෙර තම වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ලබාදිය යුතු බවට විගණකාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.
විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පැවසුවේ, ඉන් පසු වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව ඒ ඒ ආයතන වෙත ලබා දෙන බවයි.
අදාළ විගණන කටයුතු සඳහා මාස 3ක කාලයක් ප්‍රමාණවත් බව ද විගණකාධිපතිවරයා පවසා තිබේ.
මැයි 31 වැනි දාට පෙර වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව නිකුත් කරේ.