මස්කෙළිය මරේ වතුයායේදි සිදුවු බඹර ප්රහාරයකින් එම වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් හය දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙම තත්වයන් පිළිබඳ කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ 28වන දින සවස මරේ වතුයායේ තේ දළු කඩමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ලවු බඹර ප්රහාරයක් හේතුවෙන් කාන්තාවන් පස් දෙනකු හා පිරිමි පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත්ය.
මෙම බඹර ප්රහාරයෙන් අවුරුදු 34ත් 48ත් අතර වයස්වල පිරිස් තුවාල ලබා ඇති බවත් මෙම තුවාලකරුවන් ගේ තත්වයන් බරපතල නොවන බවත් එම තුවාලකරුවන් මේ වන විට මස්කෙළිය රෝහලේ නේවාසිකව ප්රථිකාර ලබන බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.