මව සමඟින් තැපැල් කාර්යාලයට පැමිණි විසිහය හැවිරිදි තරුණියක් තැපැල් සේවකයෙකුගේ නිවසකට ගෙන්වා රංචු ගැසී දූෂණයට ලක් කලේ යැයි කියන තැපැල් සේවකයින් සිව්දෙනෙකු රුවන්වැල්ල පොලීසිය විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබේ.
රුවන්වැල්ල හා ඉබුලාන තැපැල් කාර්යාලවල සේවය කරන තැපැල් සේවකයින් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
26 හැවිරිදි කන්නන්තොට ප්‍රදේශයේ තරුණියක් මව සමඟ පසුගිය සිකුරාදා රුවන්වැල්ල නගරයේ පිහිටි තැපැල් කාර්යාලයකට පැමිණ ඇත.
තැපැල් කාර්යාලයේදී ඔවුනට උපකාර කළ එහිම සේවකයකු වන 27 හැවිරිදි තරුණයකු උපකාරයක් අවශ්‍ය නම් කතා කරන්නේයැයි අදාල තරුණියට දුරකථන අංකය ලබා දී ඇයගේද දුරකථන අංකය ලබාගෙන ඇත.
පසුව එම තරුණයා මෙම තරුණිය හා සුහදත්වයක් ඇති කර ගනිමින් , කන්නන්තොට පිහිටි නිවස වෙත ගෙන්වා තරුණිය දූෂණයට ලක් කර ඇත.
රුවන්වැල්ල හා ඉබුලාන තැපැල් කාර්යාලවල සේවය කරන සිය මිතුරන් තිදෙනෙකු ද මොහු නිවසට ගෙන්වා ගෙන තිබේ.
අනතුරුව තරුණියව මොවුන් සිව්දෙනාම බලහත්කාරයෙන්ම දූෂණය ට ලක්කර තිබෙන අතර ඇතිවූ බිය මත තරුණිය මේ බව කිසිවකුට පවසා නැත.
පසුගිය 28 වැනිදා තරුණියගේ වැඩිමල් සොහොයුරු ට මේ ගැන තොරතුරු අනාවරණය වී ඇත්තේ , තරුණිය දුරකථනයෙන් කතා කරමින් තැපැල් සේවකයාගේ නිවස දෙසට යන ආකාරය මිතුරෙකු දැක පැවසීමත් සමඟය.
පසුව වැඩිමල් සොහොයුරා විසින් තරුණියගේ ප්‍රශ්න කිරීමේදී ඇය සිදුවූ සියල්ලම පවසා ඇති අතර තරුණියගේ මව ඒ ගැන රුවන්වැල්ල පොලීසියට ද පැමිණිලි කර ඇත.
වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට ත් ඇයව දූෂණයට ලක්කළ යැයි කියන තැපැල් සේවකයින් අත්අඩංගුවට ගැනීමටත් රුවන්වැල්ල පොලීසිය කටයුතු කර ඇත