රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් පාසල් උපකරණ, නිල ඇඳුම් සහ වියළි ආහාර සමඟ සිනහවක් රැගෙන බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඈත අතිදුෂ්කර ගම්මානයක පිහිටි බප/මතු බොල්ලුන්න ප්‍රාථමික විදුහලේ සිසු සිසුවියන් බැලීමට කළුතර බාලිකාවේ ශිෂ්‍ය නායිකාවෝ පසුගියදා නෑගම් ගියහ.
කළුතර බාලිකා විද්‍යාලීය ශිෂ්‍ය නායිකා සංසදය මඟින් මෙහෙයවූ “එක්කරමු සිනාවක්” තේමාව යටතේ සරණක් ඇවැසි සහෝදර පාසල් සිසුන්ගේ හීන පාට කරන මෙම වැඩසටහන දෙවන වරටත් පසුගියදා බප/මතු බොල්ලුන්න ප්‍රාථමික විදුහලේදී පැවැත්විණි.
කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුෂිනි කාංචනමාලා වීරකෝන් මහත්මියගේ සහ ශිෂ්‍ය නායක සංසදය භාර ගුරුභවතුන්ගේ අනුශාසකත්වයෙන් සංවිධාන කළ මෙම වැඩසටහනට කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුෂිනි කාංචනමාලා වීරකෝන් මහත්මිය, ආචාර්ය මණ්ඩලයේ ඩී.ඒ.ඩී. සරච්චන්ද්‍ර, උපුලි අශෝකමාලා, දිලිණි මුතුගල සහ දේවි පෙරේරා යන මහත්ම මහත්මීන් සමඟ කළුතර බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවෝ පිරිස සහභාගි වූහ.
මෙහිදී බොල්ලුන්න ප්‍රථමික විදුහලේ සියලු සිසුන්ට 2024 වර්ෂයටම අවශ්‍ය අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ, නිල ඇඳුම්, වියළි ආහාර සමඟ දිවා ආහාරද ලබා දීමට කළුතර බාලිකා ශිෂ්‍ය නායිකාවන් පියවර ගෙන තිබුණි. මෙම අවස්ථාවට බප/මතු බොල්ලුන්න ප්‍රථමික විදුහලේ විදුහල්පති ජේ.එස්.යූ. සංජීව මහතා ඇතුළු ගුරු මණ්ඩලය, සිසුන්ගේ මවුපියන් විශාල පිරිසක් ද සහභාගි විය.(දිණමින) (චායාරුපය සිදුවීමට අදාළ නැත)