බස් සංගම්වල ඉල්ලීම්වලට විසදුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුල බස් ගාස්තු සීයයට 10කින් ඉහළ දමන බවට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න අද (01) පැවසූ බව වාර්තා වේ.
ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමුවත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බවට ලංකා බස්රථ හිමියන්ගේ සභාාපති ගැමුණු විජේරත්න විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් පවසා තිබේ.