12 හැවිරිදි දැරියක් 23 කොල්ලෙක් එක්ක අඹු – සැමි ඇසුරක් පවත්වලා.

12 හැවිරිදි බාල වයස්කාර දැරියක් සමඟ අඹු – සැමි ඇසුරක් පැවැත්වූ 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්ව තිබෙන බවට ඇහැටුවැව පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව අදාළ බාල වයස්කාර දැරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ අදාළ තරුණයා හඳුනාගෙන තිබෙන බවත් , ඔහු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් , ඔහු සමඟ අඹු – සැමි ඇසුරක් පැවැත්වූ බවත් දැරිය ප්‍රකාශ කර තිබේ .

අදාළ තරුණයා මහව ප්‍රදේශයේ තරුණයෙක් බව සඳහන් වේ.

අදළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගල්ගමුව දිසා රෝහල වෙත යොමු කර ඇති අතර ඇහැටුවැව පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version