රිය අනතුරකින් 13 දැරියක් ජීවිතක්ෂයට.

මඩකලපුව, ත්‍රිකුණාමලය මාර්ගයේ ඕටමාවඩි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැඨී සිදු වූ අනතුරින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ 13 හැවිරිදි දැරිය, වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යතුරුපැදිකරු ද බරපතළ තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

අනතුරට සම්බන්ධ පෞද්ගලික බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බව  අනාවරණය වී තිබේ.

Exit mobile version