රුපියල් 35,000 දීමනාව ඉල්ලා පැය 48ක වැඩවර්ජනයක් .

වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද (10) උදෑසන 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ.

වෘත්තීය සමිති 10ක් මෙම වර්ජනය සඳහා එක්වන බවට එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ළමා රෝහල, පිළිකා රෝහල, මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතන තුළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Exit mobile version