ඊයේ (20) සවස්කාලයේ හැටන් කොළඹ මාර්ගයේ ඉන්ගිරියාවත්ත ප්රදේශයේදී වෑන් රථයක් හා ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 5 හැවිරිදි දැරිවියක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
මෙම අනතුර හේතුවෙන් ත්රීරෝද රථයේ ගමන් ගත් රියදුරා, දැරියක් හා ගැබිණි කාන්තාවක් බරපතල තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුලත් කොට ඇති බව සදහන් වේ.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව දැරිය මිය ගොස් තිබේ.
මිය ගිය දැරිය ඉන්ගිරියාවත්ත තැලිගම ප්රදේශයේ පදිංචි බවයි සදහන් වන්නේ.
කිතුල්ගල පොලිසිය අනතුර සම්බන්දව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.