A 9 පිටුපස ඇති ශාෆිගේ සංවේදී කතාව නොහොත් සහජීවනයේ දියණියගේ කතාව.

මේ රටේ දශක 3 ආසන්න කාලයක් පැවති යුද්ධය නිසා ආර්ථිකයමය වශයෙන් රට විශාල ගැටළු වලට මුහුණදී ඇති කාලවකවානුවක ඒ ගැටළු මැදින් අධ්‍යාපනය හදාරා විශිෂ්ඨ ජයග්‍රහණය රැසක් ලබාගත්  විශාල දරුදැරියන් ප්‍රාමාණයක් සිටි.නමුත් මැතකාලයේ වැඩි දෙනෙකුගේ කතාබහට ලක්වන නමක් ලෙස “ශාෆි ෆාතිමා සෙයිනම්”දියණිය හැදින්විය හැකිය.ඇයගේ මේ විශිෂ්ඨ ප්‍රථිපලය හේතුවෙන් සහජීවනයේ  දියණිය යන නාමයෙන්ද ඇයව හදුන්වයි.මේ විශිෂ්ඨ ජයග්‍රහණය පිටුපස ඇති ඇගේ සංවේදී කතාව මාධ්‍යට පැවසීමට The Life Traveler  You Tube නාලිකාව ඔස්සේ ධනංජය නාරම්බැද්ද මහතා  සමග ඇය දුරකථන ඔස්සේ සම්බන්ධ විය.

ප්‍රථමයෙන්ම ඇයට මේ අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ඇය ධනංජය නාරම්බැද්ද මහතාට ස්තුතිය පලකිරිමට අමතක නොකලාය.ඊට අමතරව ඇයට මේ විශිෂ්ඨ ප්‍රථිපලය ලබාගැනීමට වචනයෙන් පවා උදව් උපකාර කල සියලුම දෙනාටද ස්තුතිය පල කරන ලදී.පසුව ඇගේ සංවේදී කතාව ඇය මෙසේ ආරම්භ කළේය.

2019 වසරේ බොරු චෝදනාවකට මගේ පියා අත්අඩංගුවට ගත්තා.මේ කාලයේ මන් ඉගෙනගන්තේ සිංහල පාසලක මගේ ජිවිතේ මට තිබ්බ එකම අරමුණ හොදට ඉගෙනගෙන හොද තැනකට යන්න,නමුත් බලාපොරොත්තු නොවූ විදියට ජීවිතේට ආපු මේ බලාපොරොත්තු නොවූ ප්‍රශ්ණය නිසා මගේ ජිවිතේ බලාපොරොත්තු ඔක්කොම නොසිතු විදියට කඩාගෙන වැටුණ.පාසලේ ළමයි පවා මන් දිහා බැලුවේ වැරදි ඇහැකින් මේ හේතු නිසා.මට පාසල පවා අහිමි වුනා.මේ නිසා මන් කොළඹ මුස්ලිම් කාන්තා විදුහලට ඇතුලත් වුණා.පොඩි කාලේ ඉදන් මන් ඉගෙනගත්තේ බුද්ධාගම මන් ඒ ආගමට ගොඩක් ආදරේ කරපු කෙනෙක් එත් මේ ප්‍රශ්ණය නිසා මට පාසල මෙන්ම ආගමද අහිමි වුනා. කොළඹ මුස්ලිම් කාන්තා විදුහලට යාම නිසා ආගමත් ඉස්ලාම් ධර්මයට මාරුවෙන්න වුණා.

තාත්තව ඇප මත මුදාහැරියට පස්සේ අපිට ජිවිත තර්ජන අපු හින්ද මේ පාසලත් අතහැරලා කල්මුනට යන්න සිදුවුණා.එහිදී මට ආපු ලොකුම බාධාව තමයි අකුරක්වත් දන්නේ නැති දෙමළ විශයෙන් ඉගෙනගෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න වුණු එක එත් අම්මගේ වාසනාවකට මට නුවර එන්න පුලුවන් වුණා.එනිසා මට නැවත සිංහල ඉගෙනගන්න ලැබුණා.කලින්ම ගිය සිංහල පාසලේ ගුරුවරු මට මෙහිදී ලොකු ශක්තියක් වුණා.ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.ඒ වගේම A 9 කියන්නනේ සාමාන්‍ය දෙයක් එත් අපිට මඩ ගහපු මේ රටේ මිනිස්සුම සහජීවනය දියණිය කියල මේ වගේ කතා කරද්දී මට අවංක නිහතමානී ආඩම්බරයක් තිබෙනවා.ඇත්තටම ජයග්‍රහණය කියල කියන්නේ කුරිරු සිතුවිලි අයින් කරල සමාජයක් විදියට එකට අත්වැල් බැදගෙන ඉදිරියට යන එක තමයි.සැබෑ ජයග්‍රහණය බව ඇය පවසන ලදී.

මට බැනපු මගේ තාත්තට බොරු චෝදනා කරපු මිනිස්සු ගැන මට තරහක් නැ මට තියෙන්නේ ලොකු කලකිරීමක් එයාලට ඔනිවුණේ ජාතිවාදය කියන අවිය අරගෙන අපේ පවුල විනාශ කරන්න බව ඇය ඉතාමත් කණගාටු දායක ලෙස ධනංජය නාරම්බැද්ද මහතාට පවසන ලදී.

ඇය අවසන් වතාවට ලෝකයට පනිවිඩයක් ලාබාදීමට අමතක නොකළේය.ආගමක් තියෙන්නේ ආගමෙන් ආලෝකය අරගෙන ජිවිතේ හික්මීමෙන් ඉදිරියට යන්න මිසක් ආගම අවියක් ලෙස අරගෙන එකිනෙකා අතර රණ්ඩුවෙන්න නෙමෙයි.ඒවගේම හැම ආගමකින්ම කියන්නේ හොද මිනිසෙක් වෙන්න මනුස්සකමින් ඉදිරියට යන්න කියල.

ඔබගේ අනාගත බලාපොරොත්තු කුමක්ද යන්න මාධ්‍යවේදියා නැගු පැනයට දියණිය මෙසේ පිළිතුරු ලබාදුන්නේය.මම දැනට උසස්පෙල විද්‍යා අංශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම මට මේ ජයග්‍රහණය සමග ලැබුණු නාමය ඒ ආකාරයෙන්ම රැකගෙන ඉදිරියට යන එක තමයි මගේ ලොකුම අරමුණ.බව අය නිහතමානීව පැවසුවේය.අපිට වැරදි කරන මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොදම පිළිතුර එයාල එක්ක  එකට හොදට ජිවත්වෙලා පෙන්න එක බව ඇය අවසන් වතාවට මාධ්‍යට පවසන ලදී.

ඇයගේ පියාවන වෛද්‍ය ෂාෆි ෂිහාබිදීන් මහතාද මේ පිළිබද එතුමාගේ අදහස දැක්වීමට අමතක නොකලාය.මුළු රටක්ම මන් ගැන වැරදි මත සමාජගත කරපු කාලවකවානුවක මන් ආඩම්බර වෙනවා මගේ දෝණිගේ මේ ජයග්‍රහණය සහජීවනය මෙන්ම ජාතිවාදයට එරෙහිව සත්‍ය කවදාහෝ ජයගන්නවා කියන එකට ලොකුම උදාහරණයක්  මගේ දෝණි බව මෙතුමා ඉතාම ආඩම්බරයෙන් ලෝකයාට පවසන ලදී.

Exit mobile version