මහනුවර – යාපනය ඒ – 9 මාර්ගයට සමානව ගල බසින “පිගා” ඔයේ සිදුවන වැලි ගොඩ දැමීමක් නිසා එම මාර්ගය ගිලා බැසීමේ අවධානමක් තිබෙන බව “Uncutnews” යූ ටියුබ් නාලිකාව වාර්තා කර තිබේ. වසර ගනනාවක් සිටම සිදුවන මෙම වැලිගොඩ දැමීම නිසා ගැන ඉවුරු ඛාධනය වී තිබේ.
කෙසේ නමුත් මෙම වැලිගොඩ දැමීම සිදුවන්නේ බලපත්‍ර සහිතව බවද කිය වේ. බලපත්‍ර ලබාගෙන මෙම වැලිගොඩ දැමීම සිදුවන්නේ නම්, බලපත්‍ර ලබා දීමට පෙර මධ්‍යම පළාත් පරිසර අධිකාරිය මේ පිලිබදව සොයා බැලුවේ නැතිද? . එසේ නැති නම් දේශපාලන වුවමනාවන් මත අවධානමක් තිබෙන බව දැන දැනම මෙසේ වැලි ගොඩ දැමීමේ බලපත්‍ර නිකුත් කලේද?. එසේත් නොමැති නම් මාධ්‍ය පළාත් රජයේ පරිසරවේදීන්ට පරිසරය ගැන දැනුමක් නොමැතිද ?.
දීර්ඝකාලීනව සිදුවන මෙවැනි වැලිගොඩදැමීම් නිසා සිදුවන්නේ ගංඟා පතුල ගැඹුරු වීමයි. එසේ වන විට ගංඟා දෙපස තිබෙන ඉවුරු ඛාදනය වේ. මෙම සිදුවීම දෙස බලන් විට, මේ වලිගොඩදැමීම් සිදුවන්නේ බලපත්‍ර සහිතව නම් එයින් කියවෙන්නේ මධ්‍යම පළාත් පරිසර අධිකාරිය බලපත්‍ර නිකුත් කර තිබෙන්නේ නීතිවිරෝදී ලෙස බවයි.
එසේම මාධ්‍යම පළාත් පරිසර අධිකාරිය පවතින නීතින් උල්ලංඝනය කරමින් විවිධ බලපත්‍ර නිකුත් කර තිබේ. නමුත් මධ්‍යම පළාත් පරිසර අධ්‍යක්ෂකට ඒවා සෙල්ලමක් බව පහත දැක්වෙන වීඩියෝවේ පටිගත කරන ලද ඔහුගේ හඩට ඇහුන කන් දීමෙන් වටහා ගත හැකිය. මධ්‍යම පළාත් පරිසර අධ්‍යක්ෂකගේ කටහඩ 12 වැනි විනාඩියේ සිට ඉදිරියට .