නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වනදා සිට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම සාර්ථකව අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර ඒ සඳහා තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන් වෙත මෙම මුදල් ත්‍යාගයන් ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ අධ්යක්ෂවරුන් වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව සදහන්.
එවැනි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර පහත පරිදි මුදල් ත්‍යාගයන් ලබාදීමට නියමිත බව වාර්තා වේ.