මිරිහාන ප්‍රදේශයේ ආපනශාලාවක් පවත්වාගෙන යන ලෙස අගවමින් පවත්වාගෙන ගිය තැබෑරුමක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් වැටලූ බව වාර්තා වේ.
සිඳු කළ වැටලීමේදී ඉහළ මිල ගණන් යටතේ තිබූ බියර් ටින් 119 ක් , විවිධ මත්පැන් බෝතල් 57ක් , නීතිවිරෝධී දුම්වැටි සහ මත්පැන් 620ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර නීතිවිරෝධී මත්පැන් කලවම් කර ඒවා අලෙවි කරන ජාවාරමක් ද මෙහි පවත්වාගෙන ගිය බව එහි තිබූ මත්පැන් බෝතල්වලින් නිරීක්ෂණය වූ බව පොලීසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම පානදුර , වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.