නීතිවිරෝධීව මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් අත්අඩංගුවට .

නයිනමඩම ප්‍රදේශයේ අතහැර දමා තිබූ නිවසක තිබී මෙරටට නීතිවිරෝධී ව රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 176ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරක් මත මෙම බීඩි කොළ තොගය සොයා ගත් බවට නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා වයික්කාල සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවට නාවික හමුදා මාධ්‍ය ඒකකය අනාවරණය කර තිබේ.

Exit mobile version