ඊයේ (28) රාත්රියේ උතුරු නාවික විධානයට අයත් අග්බෝ නෞකාව මඟින් මාදගල් වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ පාමුර සංචාරයක දී එම වෙරළ තීරයේ සඟවා තිබූ සැකකටයුතු උර 8ක් නිරීක්ෂණය කිරීමේදී පාර්සල් 71ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 15 යි ග්රෑම් 390ක ප්රමාණයක් නාවික හමුදා භාරයට ගත් බව වාර්තා වේ.
එමෙන්ම ඊයේ (28) දින නාවික හමුදාව විසින් මාදගල් වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්රදේශයේ සිදු කළ මෙහෙයුමකින් මුහුදේ පවෙමින් තිබූ උරයක පාර්සල් 7ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 15 යි ග්රෑම් 5 ක ප්රමාණයක් ද නාවික හමුදා භාරයට ගත් බව වාර්තා වේ.
මෙලෙස සොයා ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 54කට අධික වෙතැයි ප්රකාශ කරනු ලබයි.එමෙන්ම මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ගන්නා බව වාර්තා කරයි.