සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ දෙමටගොඩ වේළුවන පාර ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසට අද උදෑසන මෙම ප්රහාරය එල්ලවී ඇති බවයි.
එම නිවසට පෙට්රල් බෝම්බ ප්රහාර 3ක් එල්ලවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද පොලීසිය පවසයි.
එක් පෙට්රල් බෝම්බයක් නිවස තුළට වැටී ඇති අතර තවත් පෙට්රල් බෝම්බ දෙකක් නිවසේ ගේට්ටුවට වැදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.