ගමන් කරමින් තිබූ බස් රථයකට අත්තක් කඩා වැටිලා.

අද (15) සවස ගලේවෙල – කැකිරාව ප්‍රධාන මාර්ගයේ කලාවැවේ වාන් දොරටුවෙන් ජලය ගලා බසින ප්‍රධාන පාලම ඉවුරේ තිබූ ගසක අත්තක් ධාවනය වෙමින් තිබූ බස් රථයක් මතට කඩා වැටී ඇති බව වාර්තා වේ .

ඒ හේතුවෙන් පැයක පමණ කාලයක් මාර්ගය අවහිර වී තිබූ බව සදහන් .

ප්‍රදේශවාසීන් එක්ව අත්ත කපා දමා ඇති අතර සිදුවූ අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල නොමැති බව වාර්තා වේ .

Exit mobile version